මහ වැස්සක් කළ හදියක්

පහළ වායු ගෝලයේ පෙරේදා (10) සිට පව­තින කැල­ඹිලි ස්වභා­වය හේතු­වෙන් කළු­තර, රත්න­පුර, කොළඹ, ගම්පහ, කෑගල්ල, ගාල්ල, නුව­ර­එ­ළිය, කුරු­ණෑ­ගල, මාතර හා බදුල්ල යන දිස්ත්‍රි­ක්ක­ව­ලට අධික වර්ෂා­වක් ලැබී ඇති අතර, ප්‍රදේශ රැසක් ජල­යෙන් යට වී පැව­තියේ මේ අයු­රිනි.

මේ අතර ඊයේ (11) පස්වරු 6.00 වන විට රත්න­පුර ගෙට්ටු­කඩේ ප්‍රදේ­ශ­යට මි.මී 271 ක්ද, කොට­හැ­රට මි.මී 254ක්ද, බුල­ත්සිං­හ­ලට මි.මී 211ක්ද, අල­ව­ලට මි.මී 199ක්ද ආදි වශ­යෙන් දෙල්මෙල්ල, ඉංගි­රිය, එල්ලා­වල, ගටි­ය­මුල්ල, එරත්න, හොරණ, පලා­වල,තෙලි­ගම, පලා­බ­ද්දල, සපු­මල් කන්ද, පාහි­ය­න්ගල, කුරු­විට, ඇහැ­ළි­ය­ගොඩ, කළු­ගල, මොරො­න්තොට, වර­කා­පොල, දඹ­දෙ­ණිය, නෙළුව, මතු­ගම ප්‍රදේ­ශ­ව­ලට මිලි­මී­ටර් 100ට වැඩි වර්ෂා­ප­ත­න­යක්ද ලැබී තිබේ.

පව­තින අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් කළු­තර දිස්ත්‍රි­ක්කයේ ක්ෂණික ජල­ගැ­ලීම් නිසා පවුල් 144ක 537 දෙනකු අව­තැන්ව ඇති බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කරයි. වැලි­පැන්න සුර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­යක පවුල් 6ක 24 දෙනකු ඊයේ පස්වරු 6.00 පමණ වන විට රඳවා තිබිණි.

ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නය මඟින් දිස්ත්‍රික 9කට නායා­යෑම් අන­තුරු ඇඟ­වීම් දී තිබේ. කළු, කැලණි, ගිං, නිල්වලා, අත්ත­න­ගලු ඔය යන ගංගා­වල ස්ථාන ගණ­නා­ව­කට ගංව­තුර අව­දා­න­මක් ඇති බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. කුකු­ළේ­ගඟ ජලා­ශයේ වාන් දොරටු දෙකක් ඊයේ පස්ව­රුව වන විට විවෘත කර තිබිණි.