‘මිල්ටන්’ සුළි කුණාටුවෙන් ඩිස්නි ලෝකයත් යටවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුව කඩා වැදීමෙන් එම ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර පිහිටි ‘ඩිස්නි ලෝකය’ට ද ගංවතුර තර්ජන එල්ල වීමෙන් දින නියමයකින් තොරව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධිවේගී මාර්ග රැසක් ජලයෙන් යට කරමින් මිල්ටන් සුළි කුණටුවත් සමඟ ඉහළ ගිය ගංවතුර ඩිස්නි ලෝකයට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි වාර්තා වේ. සියවසකට වැඩි කාලයකින් ඔර්ලන්ඩෝ නුවරට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ‍‍හෝ සුළි කුණාටුවක බලපෑම් සිදු නොවූ බව ඇතැම් වාර්තා මගින් පෙන්වා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.