මහ ඡන්දය නිරීක්ෂණයට රටවල් අටක නිරීක්ෂකයන්ට ඇරයුම්

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන් එම නිරීක්ෂකයන් මෙරටට පැමිණෙන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය.

මීට අමතරව මහමැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් ද මෙරටට පැමිණෙනු ඇති බවත්, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් ද මහමැතිවරණය නිරීක්ෂණයට පැමිණෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.