මුහුදු ආදිවාසීහු නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සම්ප්‍රදානුකූලව පිළිගනිති

නැ‍ඟෙනහිර පළාත නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පෙරේදා (07) සවස අභිනවයෙන් පත්වූ නව නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සම්ප්‍රදානුකූලව මී පැණි මුට්ටියක් ලබා දෙමින් පිළිගනු ලැබීය. මෙහිදී මුතූර් මුහුදු ආදිවාසී නායකයා ඇතුළු පිරිස මීපැණි මුට්ටියක් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත පිළිගැන්වූහ.

අනතුරුව මුහුදු ආදිවාසීන් තමන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කළ අතර, එම ගැටලු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව ද ආණ්ඩුකාරවරයා මෙහිදී මුහුදු ආදිවාසීන් හමුවේ පවසා සිටියේය.