චීනය සමඟ අවබෝධතා ගිවිසුම් තුනක්

ශ්‍රී ලංකා චීන සමාජය(Sri Lanka China Society) පසුගියදා චීනයේ පළාත් මහජන සංගම් තුනක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු ලැබීය. චීනයේ සිචුවාන් පළාත් මහජන සංගමය (Sichuan Province People’s Association for Friendship with Foreign Countries), ගුවැංෂි පළාත් මහජන සංගමය ( Guangxi Province People’s Association for Friendship with Foreign Countries),ගුයිෂූ පළාත් මහජන සංගමය

(Guangxi Province People’s Association for Friendship with Foreign Countries) අතර මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි. ද්විත්ව නගර වැඩසටහන, වෘත්තිකවේදීන් හුවමාරුව, ශිෂ්‍යත්ව පිරිනැමීම , තරුණයන් සහ පාසල් දරුවන් සම්බන්ධ වැඩසටහන් ඉහළ නැංවීම මෙම අවබෝධතා ගිවිසුම් මඟින් සිදු වෙයි.

ලංකා චීන සංගමයේ සභාපති ජිනිත් ද සිල්වා මහතා සහ විදෙස් රටවල මිත්‍රත්වය සඳහා වන ගුවැංෂී මහජන සංගමයේ (Guangxi People’s Association for Friendship with Foreign Countries) උප සභාපති ෂූ ටොං (Zhou Tong) මහතා අතර පසුගියදා චීනයේදී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඒවා හුවමාරු කර ගත් අයුරුයි මේ.