බදුල්ල ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික මාරුව නැවත සලකුණු කරයි

බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ පාර මාරුවීමට සලකුණු කර ඇති සුදු ඉරි මැකී ගොස් කාලයක් ගතවි ඇතත් එම ඉරිවල එහි තීන්ත ආලේප කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට පසුගිය 4 දින දිනමිණ පුවත්පතේ පළවූ පුවතින් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම සුදු ඉරිවල තීන්ත ආලේප කිරීම ඊයේ (07) සිදු කරන ලදි.

දෛනිකව විශාල රෝගීන් පිරිසක් මාර්ගය හරහා දෙපසට මාරුවීම සිදුකරන එම ස්ථානයේ පැවති අඩුපාඩුව පිළිබඳව මාධ්‍ය මඟින් පෙන්වාදීම පිළිබඳව ලේක්හවුස් ආයතනය වෙත ස්තුතිය පළකළ ජනතාව එම පුවත දැක පැය 72ක් වැනි කාලයක් තුළ ක්‍රියාත්මකව එම කටයුත්ත ඉටු කිරීම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත තම කෘතඥතාවද පළ කළේය.