පාස්කුදා ප්‍රහාරයේ පරී­ක්ෂණ කඩි­නම් කර වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා-ජන­පති කටු­වා­පි­ටි­යේදී සහ­තික වෙයි

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට අදාළ පරී­ක්ෂණ කඩි­නම් කර එවන් ඛේද­වා­ච­ක­යක් නැවත රට තුළ ඇති නොවී­මට පසු­බිම සක­සන බවත් එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය සහ යුක්තිය ඉටු කරන බවට සහ­තික වන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැවැ­සීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ සහ මිය­ගිය අයගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් සමඟ ඊයේ (06) මීග­මුව, කටු­වා­පි­ටිය ශාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­නයේ දී සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේය.

ඊයේ පෙර­ව­රුවේ කටු­වා­පි­ටිය ශාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­න­යට පැමිණි ජනා­ධි­ප­ති­ව­රයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය­ගිය පිරිස සිහි­වීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාර­ක­යට පුෂ්පෝ­ප­හාර දැක්වීය.

මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සංචා­රය සනි­ටු­හන් කර­මින් සිහි­ව­ටන තිළි­ණ­යක් ද පිළි­ගැ­න්විණි. අන­තු­රුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ සහ මිය­ගිය අයගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් සමඟ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සාක­ච්ඡා­ව­කට එක් වූ අතර පාස්කු ප්‍රහා­රයේ වින්ද­ත­යින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජු­වම ජනා­ධි­ප­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථාව සලසා දී තිබිණි.

මෙරට මෑත කාලයේ විශා­ල­තම ඛේද­වා­ච­කය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේද­වා­ච­කය කාලයේ වැලි තලා­වට යට­පත් වුවත් එය මකා දැමී­මට කිසි­සේත්ම ඉඩ නොදෙන බව ජනා­ධි­ප­ති­ව­රයා එහි දී අව­ධා­ර­ණය කළේය.

පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ‍යේ දී ජන­තාව සිය දේශ­පා­ලන තීන්දුව ගැනී­මට බලපෑ සාධක අතු­රෙන් පාස්කු ප්‍රහා­රය පිළි­බඳ සාධා­ර­ණය හා යුක්තිය ඉටු වීමේ අපේ­ක්ෂා­වද ඇතු­ළත් බව තමා විශ්වාස කරන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එහි දී සඳ­හන් කළේය. මේ රටේ පුර­වැ­සි­යන්ගේ අර­මුණ, අපේ­ක්ෂාව, බලා­පො­රො­ත්තුව හා තම අර­මුණ, අපේ­ක්ෂාව, බලා­පො­රො­ත්තුව එකක් බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට අදා­ළව මෙරට ජන­තාව අපේක්ෂා කරන යුක්තිය හා සාධා­ර­ණය ඉටු කිරීම තම අපේ­ක්ෂාව බවත්, ඒ පිළි­බඳ කට­යුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පැවැ­සීය.

මේ සම්බන්ධ පරී­ක්ෂ­ණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිග­ම­න­ය­කට එළඹ, එම නිග­ම­නය සාර්ථක කර ගැනීම සඳහා සාක්ෂි එකතු කිරී­මෙන් නොවන බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා විවෘත මන­ස­කින් හා විවෘ­ත­භා­ව­ය­කින් යුතුව මෙම සිදු­වීම පිළි­බඳ නිර­වුල් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන ලෙස මහ­ජන ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට උප­දෙස් ලබා දුන් බව ද සඳ­හන් කළේය.

දේශ­පා­ලන වෙන­සක් වෙනු­වෙන් මෙවැනි ප්‍රහා­ර­යක් සිදු වීද යන්න පිළි­බඳ සමා­ජයේ මත­යක් පව­තින බවත්, දේශ­පා­ලන අර­මු­ණක් වෙනු­වෙන් අහිං­සක ජීවිත සිය ගණ­නක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේද­වා­ච­ක­යක් බවත් පැවැසූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙරට දේශ­පා­ල­නය පව­තින්නේ එවන් අන්ත­යක නම් පළ­මු­වෙන්ම එම තත්ත්වය මුලි­නු­පුටා දැමිය යුතු බව ද අව­ධා­ර­ණය කළේය. එවක පැවැති රාජ්‍ය යන්ත්‍ර­ණය ද මෙම ප්‍රහා­ර­යට සම්බන්ධ වූවා­දැයි යන සැක­යද සමා­ජයේ පව­තින බවත් එවන් තත්ත්ව­යක් පව­තින්නේ නම් රට සෑම විටම අනා­ර­ක්ෂිත මෙන්ම අති­ශය භයා­නක තත්ත්ව­යක් තිබෙන බව ද ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය. ඒ අනුව දෙව­නුව මෙහි දී සිදු වූයේ කුමක්ද යන්න හෙළි­ද­රවු කර ගැනීම වඩා වැද­ගත් බව ද ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

තෙව­නුව ජීවිත 274කට ආසන්න පිරි­ස­කගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරි­ස­කට තුවාළ සිදු කළ මෙම ඛේද­වා­ච­කයේ වින්දි­ත­යන්ට තම ආද­ර­ණී­ය­යන් කෙරෙහි තමන් තුළ පව­තින ආද­රය හා භක්තිය වෙනු­වෙන් සාධා­ර­ණය ඉටු කළ යුතුව ඇති බව ජනා­ධි­ප­ති­ව­රයා පැවැ­සීය. එසේම මෙවැනි ප්‍රහා­ර­යක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යස­නය වළක්වා ගැනී­මට කට­යුතු කිරීම වෙනු­වෙන් පූජ­ක­තු­ම­න්ලා­ගෙන් ඉටු වූ කාර්ය­භා­ර­යට නැවත නැව­තත් කෘත­ඥ­තාව පළ කරන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සඳ­හන් කළේය. සමා­ජය තුළ පැවැති බැඳීම්, ළෙන්ග­තු­බව, විශ්ව­ස­නී­ය­ත්වය පළුඳු වී අනෙක් ජන කණ්ඩා­යම් කෙරෙහි ක්‍රෝධ­යෙන් හා සැක­යෙන් බැලී­මට සිදු වූවා නම් එය සමා­ජයේ යහ­පැ­වැ­ත්මට විශාල තර්ජ­න­යක් බවත්, සමා­ජය තුළ ඇති වූ එම තත්ත්වය හේතු­වෙන්ද මෙම පාස්කු ප්‍රහා­රය පිළි­බඳ සාධා­රණ පරී­ක්ෂ­ණ­යක් සිදු කළ යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සඳ­හන් කළේය.

ගෙවී ගිය වසර 05 මුළුල්ලේ සෑම අප්‍රේල් 21 වන­දා­කම මහා මාර්ග­යට හෝ මංස­න්ධි­ව­ලට පැමිණි ජන­තාව මුදා හැරියේ වස­රක් පුරා ඔවුන්ගේ හද­ව­ත්වල පැවැති යුක්තිය පිළි­බඳ අපේ­ක්ෂාව බව ද ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මෙහි දී අද­හස් දැක්වූ කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් වහන්සේ පැවැ­සුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­ර­යෙන් විප­තට පත් ජන­තා­වට සාධා­ර­ණ­යක් ඉටු­කර ගැනී­මට ජිනීවා මානව හිමි­කම් කොමි­ස­මට පැමි­ණිලි කළ ද ඊට විස­ඳු­මක් නොලැ­බුණු බවයි. විප­තට පත් වූවන්ට අවශ්‍ය පහ­සු­කම් ලබා­දී­මට රජ­ය­යන් කට­යුතු කළත් මෙම ප්‍රහා­ර­යට හේතුව කුමක්ද යන ප්‍රශ්නය ජන­තාව තුළ තිබෙන බව ද උන්ව­හන්සේ පෙන්වා දුන්හ.

මෙරට ජන­තාව තුළ අනුර කුමාර දිසා­න­යක මහතා කෙරෙහි විශ්වා­ස­යක් තිබෙන බවත්, ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අවං­ක­භා­වය පිළි­බඳ තමන් අගය කරන බවත් පැවැසූ මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් එම අවං­ක­භා­වය සහ ළෙන්ග­තු­කම ජන­තාව හමුවේ ශක්ති­මත් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කරනු ඇති බවත් ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට වග­කි­ව­යු­ත්තන් නීතිය හමු­වට ගෙන ඒමට ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

කටු­වා­පි­ටිය දේව­ස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝ­ෂන් පිය­තුමා ඇතුළු පාස්කු ප්‍රහා­ර‍ෙය් වින්දි­ත­යන්, බැති­ම­තුන් ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.