නෙළුම් කුළුණෙන් වැටී පාසල් ළමයෙක් මරුට

කොළඹ, නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බව ද මේ වන විට වාර්තා වෙයි.

බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් ඇයගේ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වෙයි .

මරණකාරියගේ අනන්‍යතාව මේ දක්වා අනාවරණවී  නොමැත.

අදාළ ප්‍රදේශය මේ වනවිටත් තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙයි.

මේ පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.