දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම එම සංවිධානය සඳහන් කරන්නේ, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.

මේ අතර, ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වේ.

එහි අගය දැක්වුණේ මිලිමීටර් 162 යි දශම 5ක් ලෙසය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ පෙරවරු 08.30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිටට මිලිමීටර් 112යි දශම 5ක වර්ෂාපතනය් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111 යි දශම 5ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවය.