රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.

මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බව ද සඳහන් වෙයි

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ උපදෙස් අනුව ඊට අදාළ නියෝගයක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් අගමැතිනිය යටතේ ඇති අමාත්‍යාංශවලට යොමුකර තිබෙයි

සමහර මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත්කර ඇත.

ඉදිරියේදී ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ ඇමැතිවරුන් විසින් පත් කරන බව ද ලේකම්වරයා සඳහන් කරයි.