කෝටි ගණන් පාඩු කළ අධි­වේ­ගයේ එස් පාස් අව­සර පත්‍ර­යට තිත

‘එස් පාස්’ නමින් නිකුත් කළ විශේෂ අව­සර පත්‍රය මත සහ ඉහළ පෙළේ දුර­ක­තන ඇම­තුම් මඟින් ඉකුත් රජ­යන් සමයේ වසර ගණ­නා­වක් තිස්සේ අධි­වේගී

මාර්ගය භාවිත කර­මින් සිදුවූ අව­භා­වි­තා­ව නව ජන­පති බල­යට පත්වී­මත් සම­ඟම තිත තැබී­මට හැකිවූ බව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ උසස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

මේ හේතු­වෙන් වාහන 150-200ත් අතර ප්‍රමා­ණ­යක් මුදල් ගෙවී­ම­කින් තොරව දින­කට ගමන් කිරී­මෙන් රුපි­යල් ලක්ෂ ගණ­නා­වක අලා­භ­යක් සිදු වී ඇති අතර මේ වන­විට රුපි­යල් කෝටි ගණ­නා­වක අලා­භ­යක් සිදුවී ඇතැයි එම නිල­ධා­රියා කීය.

අධි­වේගී මාර්ගයේ නොමි­ලයේ ගමන් කළ හැකි අය ලෙස ජනා­ධි­පති, අග­මැති, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නඩත්තු වාහන සහ ගිලන් රථ­ව­ලට පම­ණක්ම බවට මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් එස්.පී.එම්. සූරි­ය­බ­ණ්ඩාර මහතා විසින් ගැස­ට්ටුවේ සඳ­හන් පරිදි ලබා­දුන් ලිඛිත නියෝග අනුව සිය­ලුම මුදල් අය­කැ­මි­ව­රුන් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගත් බව අධි­වේගී මාර්ග මෙහෙ­යුම් නඩත්තු කළ­ම­නා­ක­රණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් පී.එච්. ගුණ­සිංහ මහ­තා­ගෙන් අප කළ විම­සී­මක දී පැවැ­සීය.

ඉකුත් රජ­යන් සමයේ ජනා­ධි­පති හෝ අග­මැති අධි­වේගී මාර්ගයේ ගමන් නොක­ළත් එස් පාස් ( විශේෂ අව­සර පත්‍ර) භාවිත කර­මින් දින­කට වාහන 150 /200 පමණ අතර ප්‍රමා­ණ­යක් අධි­වේගී මාර්ගයේ ධාව­නය වී ඇතැයි ද එම අව­සර පත්‍රය නොමැ­ති­වද ජනා­ධි­පති කාර්යා­ල­යෙන් දුර­ක­තන ඇම­තුම් ලබා දෙමින් වෙනත් වාහන සහ ආර­ක්ෂක අංශයේ වාහ­නද අධි­වේගී මාර්ගයේ ගමන් කිරී­මෙන් දින­කට රුපි­යල් ලක්ෂ ගණ­නා­වක අලා­භ­යක් මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට දැරී­මට සිදුවී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳ­හන් කරයි.

එස් පාස් විශේෂ අව­සර පත්‍ර හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට ලබා­දී­මට අව­සර නැතත් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ, චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග, ගෝඨා­භය රාජ­පක්ෂ, හා මෛත්‍රී­පාල සිරි­සේන මහත්ම මහ­ත්මීන්ට ද අසී­මිත ආකා­ර­යෙන් එස් පාස් පසු­ගිය රජ­ය­න්වල ඉහළ බල­ධා­රීන්ගේ නියෝග මත නීති විරෝධී ලෙස නිකුත් කර තිබී ඇතැයි එම ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි. එම බල­ප­ත්‍ර­යෙන් අධි­වේගී මාර්ගයේ ගමන් කර­නවා නම් එම විශේ­ෂිත පුද්ග­ලයා සිටිය යුතු බව ගැස­ට්ටුවේ සඳ­හන් වුවද එම බල­පත්‍ර බාහිර පුද්ග­ල­යන් අතට පත්වීම හේතු­වෙන් එම විශේ­ෂිත පුද්ග­ල­යන් නොමැ­තිව ද බල­ප­ත්‍රය අව­භා­විත කර­මින් එක බල­ප­ත්‍ර­යට වාහන 10/15 අධි­වේගී මාර්ගය ඔස්සේ එක පෙළට ඉකුත් රජ­යන් සමයේ ධාව­නය වී ඇතැ­යිද පැවසේ.