විශ්වවිද්‍යාල පාඨමාලාවන්වලට සිසුන් තෝරාගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා (20) නිකුත් කළ කඩඉම් ලකුණුවල කිසිදු වරදක් නොමැති බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (04) ප්‍රකාශ කළේය.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන පාඨමාලාවට සිසුන් තෝරා ගැනීමේදී මුලින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනුයේ භෞතික විද්‍යා ධාරාවට සඳහා පමණක් වන කඩඉම් ලකුණු බවත් වාණිජ්‍ය විෂය ධාරාවට අයත් කඩඉම් ලකුණු ඇතුළත් කිරීමට නොහැකි වීම අඩුපාඩුවක් විය.
වාණිජ්‍ය විෂය ධාරාවට අයත් කඩඉම් ලකුණු ද එදිනදීම (20) ඇතුළත් කිරීමට හැකි වූයේ නම් කඩඉම් ලකුණු නිකුත් කිරීමේ අඩුපාඩුවක් සිදු නොවන්නට තිබූණා. මෙම අඩුපාඩුව සම්බන්ධයෙන් සිසුන් කතා කළ විට එය නිවැරදි කිරීමට පියවර ගත් බවත් මේ වන විට සියලු පාඨමාලාවන්ට අදාළව සිසුන් 41,500ක් තෝරාගෙන ඇත.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන පාඨමාලාවට සිසුන් 135ක් ඇතුළත් කර ගන්නවා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සමස්ත පාඨමාලා 257කට අදාළව වාර්ෂිකව උපාධි දහස් ගණනක් පිරිනමනවා.