විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නෑ-සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග

විශ්ව­වි­ද්‍යාල පාඨ­මා­ලා­ව­න්ව­ලට සිසුන් තෝරාගැනීම සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව පසු­ගි­යදා (20) නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නොමැති බව එහි සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග මහතා පැව­සීය.

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (04) ප්‍රකාශ කළේය.

තව­දු­ර­ටත් ඒ මහතා මෙසේද පැව­සීය.

සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ ආහාර ව්‍යාපාර කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පාඨ­මා­ලා­වට සිසුන් තෝරා ගැනී­මේදී මුලින් ප්‍රසි­ද්ධි­යට පත් කර තිබෙ­නුයේ භෞතික විද්‍යා ධාරා­වට සඳහා පම­ණක් වන කඩ­ඉම් ලකුණු බවත් වාණිජ්‍ය විෂය ධාරා­වට අයත් කඩ­ඉම් ලකුණු ඇතු­ළත් කිරී­මට නොහැකි වීම අඩු­පා­ඩු­වක් විය.

වාණිජ්‍ය විෂය ධාරා­වට අයත් කඩ­ඉම් ලකුණු ද එදි­න­දීම (20) ඇතු­ළත් කිරී­මට හැකි වූයේ නම් කඩ­ඉම් ලකුණු නිකුත් කිරීමේ අඩු­පා­ඩු­වක් සිදු නොව­න්නට තිබූණා. මෙම අඩු­පා­ඩුව සම්බ­න්ධ­යෙන් සිසුන් කතා කළ විට එය නිවැ­රදි කිරී­මට පිය­වර ගත් බවත් මේ වන විට සියලු පාඨ­මා­ලා­වන්ට අදා­ළව සිසුන් 41,500ක් තෝරා­ගෙන ඇත.

සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ ආහාර ව්‍යාපාර කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පාඨ­මා­ලා­වට සිසුන් 135ක් ඇතු­ළත් කර ගන්නවා. විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ සමස්ත පාඨ­මාලා 257කට අදා­ළව වාර්ෂි­කව උපාධි දහස් ගණ­නක් පිරි­න­ම­නවා.