ඉන්දීය රජය එරට සෞඛ්‍ය සේවය සඳහා එක් පුද්ගලයකු වෙනුවෙන් වැය කරනු ලබන මුදල වසර 10ක් ඇතුළත තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වසර 2013-14 කාලයේදී ඉන්දීය රුපියල් 1,042ක්ව තිබූ එරට ඒක පුද්ගල සෞඛ්‍ය පිරිවැය 2021-22 වන විට රුපියල් 3,169 දක්වා ඉහළ ගිය බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දියාවේ නිල දත්ත වාර්තාවලට අනුව එරට සෞඛ්‍ය සේවය සඳහා වන සමස්ත පිරිවැය තුළ රජයේ දායකත්වය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇති අතර, 2021-22 වන විට එහි අගය 48% ක් බවට පත්වී ඇතැයි ද වාර්තා වේ.
මහජන සෞඛ්‍ය ආරක්ෂණ ආයෝජනයේ රජයේ දායකත්වය ඉහළ යෑමත් සමඟ ඉන්දියාවේ දිගු කාලයක් පුරා ආධිපත්‍ය දැරූ සෞඛ්‍ය සේවා සඳහා වන පෞද්ගලික වියදම 2021-22 වන විට 39.4% දක්වා පහළ වැටී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. මහජන දුෂ්කරතා මඟහරවාලීමට එමඟින් ඉන්දීය රජය සමත් වී ඇති බවත්, එරට කෝටි 50කට අධික ජනතාවට රුපියල් ලක්ෂ 5ක රක්ෂණාවරණයක් ලබාදීමේ ‘ආයුෂ්මාන් භාරත්’ වැනි වැඩසටහන් එරට මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩි කිරීමට විශාල පිටිවහලක් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.