ජය­ශං­කර් නිල ආරා­ධ­නය පිළි­ග­න්වයි-පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ පසු ජන­පති අනුර ඉන්දි­යාව යෑමට සූදා­නම්

ශ්‍රී ලංකාවේ නව­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් බල­යට පත්වූ පසුව සිදු­ක­රන පළමු විදෙස් නිල සංචා­රය සඳහා ඉන්දි­යාව බලා පිටත්ව යෑමට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සැල­සුම් කර තිබේ.

නිල සංචා­ර­යක් සඳහා ඊයේ (04) ශ්‍රී ලංකා­වට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් මහතා සමඟ පැවැති ද්වීපා­ර්ශ්වික සාක­ච්ඡාවේ දී ඉන්දීය සංචා­රය සම්බ­න්ධ­යෙන් වන නිල ආරා­ධ­නය ජනා­ධි­ප­ති­ව­රයා වෙත පිළි­ගන්වා තිබෙන අතර, එම ආරා­ධ­නය පිළි­ගත් ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා, ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචා­රය ලෙස නව­දි­ල්ලිය බලා පිටත්ව යෑමට සූදා­නම් බව ජනා­ධි­පති මාධ්‍ය අංශ්‍ය පව­සයි.

සැප්තැ­ම්බර් 21 වැනිදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් අනුර කුමාර දිසා­නා­යක මහතා ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් පසු ඒ මහතා හමු­වී­මට පැමි­ණෙන පළමු ඉහළ පෙළේ විදේ­ශීය ප්‍රභූ­ව­රයා වන්නේ ඉන්දීය විදේශ ඇමැ­ති­ව­ර­යාය.

ඉන්දි­යාව ‘අස­ල්වැ­සි­යාට පළමු තැන’ ප්‍රති­ප­ත්තිය සහ සාගර් ඉදිරි දැක්මට අනු­කූ­ලව, අන්‍යෝන්‍ය ප්‍රති­ලාභ සඳහා දෙරටේ දිගු­කා­ලීන හවු­ල්කා­රි­ත්වය තව­දු­ර­ටත් ගැඹුරු කිරී­මට කැප­වීම ඉන්දීය විදේශ ඇමැ­ති­ව­ර­යාගේ සංචා­රය මඟින් අව­ධා­ර­ණය කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය පව­සයි.

මෙම සංචා­රයේ දී ජයි­ශං­කර් මහතා ඉන්දීය අර­මු­දල් සප­යන මෙරට ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළි­බ­ඳව ද සාකච්ඡා කළ අතර මීට පෙර පත්වූ ජනා­ධි­ප­ති­ව­රුන්ට සේම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත ද නව­දිල්ලි නුව­රට පැමි­ණීම සඳහා නිල ආරා­ධ­න­යක් පිළි­ගැ­න්වීය. දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා ද ප්‍රථ­ම­යෙන් නව­දිල්ලි නුව­රට පැමිණ පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රුන්ගේ මෙම සම්ම­තය රකිනු ඇති බව වාර්තා වෙයි.

මේ වන­විට දින නියම කර නොමැති නමුත් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පළමු විදෙස් සංචා­රය නොවැ­ම්බර් 14 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය අව­සන් වීමෙන් පසුව සිදු­වනු ඇති බවද එම වාර්තා සඳ­හන් කරයි.