ඉන්දි­යා­වෙන් අමෙ­රි­කාවට ස්මාර්ට් ෆෝන් අප­න­ය­නය ඩොලර් බිලි­යන 2 ඉක්ම­වයි

ගෙවී ගිය අව­සන් කාර්තු 3දී ඉන්දි­යාව අමෙ­රි­කා­වට ඩොලර් බිලි­යන 2ක ස්මාර්ට් ‍ෆෝන් අප­න­ය­නය කර ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය වාර්තා කළේය. අමෙ­රි­කාවේ ඇපල් සමා­ගම වෙනු­වෙන් අයි­ෆෝන් නිෂ්පා­ද­නය කර අප­න­ය­න කරනු ලබන ඉන්දි­යාවේ එම අප­න­ය­නය වටි­නා­කම දිය­මන්ති අප­න­ය­න­ය­ටත් වඩා වැඩි බව ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඒ අනුව අමෙ­රි­කා­වට ඉන්දි­යාවේ විශා­ල­තම නිෂ්පා­දන අප­න­ය­නය බවට ස්මාර්ට් ෆෝන් පත් වී ඇතැයි ද වාර්තා වේ.

ඉන්දි­යාවේ වාණිජ දෙපා­ර්ත­මේ­න්තුවේ නව­තම දත්ත සංඛ්‍යා­ලේ­ඛන උපුටා දක්ව­මින් බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය සඳ­හන් කර ඇත්තේ අදාළ කාර්තු 3දී ඉන්දි­යාව ඩොලර් බිලි­යන 1.44ක දිය­මන්ති අප­න­ය­න­යක් අමෙ­රි­කා­වට සිදු කර ඇති බවය. එම අප­න­යන වර්ධ­නය ආරම්භ වී ඇත්තේ පසු­ගිය දෙසැ­ම්බර් කාර්තු­වේදී බවත්, එවර ඉන්දි­යාව ඩොලර් බිලි­යන 1.3ක අග­ය­කින් යුතු දිය­මන්ති සහ ඩොලර් බිලි­යන 1.42ක අග­ය­කින් යුතු ස්මාර්ට් ෆෝන් අප­න­ය­න­යක් සිදු කළ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ඒ අනුව ගත වූ අව­සන් කාර්තු 3දී දිය­මන්ති අප­න­ය­නය පහළ වැටී ඇතැයි ද, ස්මාර්ට් ෆෝන් අප­න­ය­නය ඉහළ ගොස් ඇතැයි ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය සඳ­හන් කළේය.