ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (04) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමු වීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මෙම පිරිස විදේශ කටයුතු අමාත්‍යාශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා