කොටස් වෙළඳපොළේ කොටස් මිල දර්ශක වල වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වෙයි.

අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය 12,053.49ක් ලෙස දැක්වුණි.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස ද සඳහන් වී ඇත.