ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ලංකාවට එයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා අද (04)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම සදහා තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණ සිටියහ .

ඔවුන් අද උදෑසන 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට ( Indian Air Force ) අයත් අයි.එෆ්.සී.- 34 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස , ශ්‍රී ලංකා  සිය එක් දින නිල සංචාරය නිමා කර අද සවස 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය .