ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් සවුති නායකත්වය අත්හරී

ශ්‍රී ලංකාව හමුවේ 2-0ක් ලෙස ලද ටෙස්ට් පරාජයෙන් පසු නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්තය ටෙස්ට් නායක ටිම් සවුති පවසා තිබේ. 2022 වසරේ කේන් විලියම්සන් ඉවත් වීමෙන් පසු නායක්තවයට පත්වූ සවුති ටෙස්ට් තරග 14කදී නවසීලන්තය මෙහෙයවා ඇති අතර, එහිදී ජයග්‍රහණ 6ක්, පරාජයන් 6ක් සහ ජය පරාජයෙන් තොරව තරග 2ක් නිමා කර තිබේ.

සවුතිගේ ඉවත් වීමෙන් හිස්වූ නායකත්වයට ටොම් ලේතම් පත් කර ඇති අතර, ඔහු මේ මස 16 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී නවසීලන්තය මෙහෙයවීමට නියමිතය. ලේතම් මින් පෙර 2020 – 2022 අතර කාලයේදී තරග 9කදී නවසීලන්ත පිලට නායකත්වය දී තිබේ.