ලෝක අමද්‍යප දිනය අද

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී ඇත.අමද්‍යප දිනයට සමගාමීව ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව මඟින් සෑම වසරකම ඔක්තෝබර් මස 03 වැනිදා සිට 10 වැනිදා දක්වා කොඩි සතියක් සංවිධානය කරන අතර එම කොඩි සතිය මෙවර ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම කොඩි සතියේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ සභාපති ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරස්ථානයේදී අද (03) පස්වරු 4.00ට පැවැත්වේ.