මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලමින්, ඉන්දියාවේ තමිල්නාඩුවේ ධීවරයන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
මෙම කරුණ මූලික කරගනිමින් පසුගියදා තමිල්නාඩුවේ උද්ඝෝෂණයක් ද සිදු කෙරුණු අතර එරට ධීවර ප්‍රජාව පවසන්නේ වසර 40ක් පමණ කාලයක් පුරාවට පවතින මෙම ගැටළුවට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.