දිගටම ඊශ්‍රායලයට සහාය දෙනවා – අමෙරිකාව කියයි

ඉදිරියේදී ඊශ්‍රායලයට එල්ල වන ඕනෑම ඉරාන ප්‍රහාරයකදී අමෙරිකාවේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඉරානයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

ඊශ්‍රායලය ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරය වැළැක්වීමට අමෙරිකාවෙන් ද සහාය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන බැලැස්ටික් මිසයිල රැසක් මැදපෙරදිග ස්ථානගත කර ඇති අමෙරිකානු මිසයිල නාශක පද්ධතියෙන් විනාශ කිරීමට ජනාධිපති ජෝ බයිඩ්න් නියෝග නිකුත් කළ බව පෙන්ටගනය තහවුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.