අයදුම්පත් 90,000න් 45,000කට සරසවි වරම්-දැනටමත් 95%ක් තෝරාගෙන

මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා අයදුම්පත් 90,000ක් පමණ ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘දිනමිණට’ ඊයේ (02) පැවසීය.

සිසුන් 45,000ක් විශ්වවිද්‍යාලවලට මෙවර තෝරා ගැනීම සිදු කරන බව ද ඒ මහතා පැවසුවේය.

විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීම මේ වන විට සියයට 95ක් අවසන් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

පසුගිය කාලයේදී සිසුන් තෝරා ගැනීම සිදු කරනුයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව බවත් මෙවර එම ප්‍රතිඵල නිකුත් කරන විට තෝරා ගැනීම් සියයට 95කින් අවසන් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. තෝරා ගැනීම් අවසන් කර තවත් සිසුන් සියයට 5ක් බඳවා ගැනීමට ඉඩ ඉතිරි කර ඇති බවත් එම සිසුන් සියයට 5 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල මත බඳවා ගන්නා බවත් ඔහු පැවසුවේය.

විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන් 45,000න් මේ වන විට 41,000ක් පමණ තෝරාගෙන අවසන් බව ද ඔහු ප්‍රකාශ කළේය.