එක්සත් කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතිය රත්නපුරට ස්වාධීනව

එක්සත් කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතියේ සභාපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින්.

එක්සත් කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතිය මෙවර මහා මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමකින් තරග කිරීමට තීරණය කළ බව එහි සභාපති ආචාර්ය ෂන්මුගන් තිරුචෙල්ලම් මහතා පැවසීය.

කහවත්ත ප්‍රදේශයේ එම වෘත්තීය සමිතියේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තිරුචෙල්ලම් මහතා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශක්තිමත්ම වතු වෘත්තීය සමිතිය ලෙස සියලුම ජාතීන් නියෝජනය කරමින් අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කරන බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ වතු කම්කරු ඡන්ද අනූ හතර දහසක් ඇතත් එම ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිවීම වතු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ගැටලුවක් බව ද එක්සත් වතු කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතියේ සභාපතිවරයා පැවසීය.

අපිට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් එම පක්ෂවල ලැයිස්තුවෙන් තරග කිරීමට ආරාධනා ලැබී තිබෙනවා. ඒත් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග කිරීමෙන් අපේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණය ජයග්‍රහණය කළේ වසර ගණනක දැඩි කැපකිරීම් කළ නිසා. අපිත් ඒ ආදර්ශ ගත යුතුයි. ඒ වාගේම වතු ජනතාවට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ඡන්දය ලබා දුන්නාට සිදුවූ සෙතක් නැහැ.