ඇල්ප්ස් කඳුවැටියේ ග්ලැසියර දියවී ඉතාලි-ස්විට්සර්ලන්ත දේශසීමා යළි අඳී

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇල්ප්ස් හිම කඳුකරයේ ග්ලැසියර දියවීමෙන් ඒ අතර පිහිටි ඉතාලි හා ස්විට්සර්ලන්ත දේශසීමාව වෙනස් වී ඇතැයි ද, එම දේශසීමාව නැවත සකස් කිරීමට දෙරටේම බලධාරීන්ට සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකට ආසන්නයේ පිහිටි එම යුරෝපා රටවල නියෝජිතයන් එක්ව පසුගිය වසරේදී පිහිටුවා ගත් ඉතාලි – ස්විට්සර්ලන්ත කොමිසම කෙටුම්පත් කර ඇති ගිවිසුම්ප්‍රකාරව දේශසීමාව නැවත සකස් කිරීමට පසුගියදා ස්විට්සර්ලන්ත රජයේ බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇතැයි ද, ඊට ඉතාලි බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.