නිල්දණ්ඩාහින්න ප්‍රා/ලේකම් ජේ.ඒ. ජමිල ඉන්දික ජයසිංහ

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ජේ.ඒ. ජමිල ඉන්දික ජයසිංහ මහතා ඊයේ (1) සිට නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ස්ථාන මාරු ලබා පිටත්ව ගියේය.

මොනරාගල පෙදෙස සිය උපන් ගම් පියස කරගත් ඉන්දික ජයසිංහ මහතා කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පත්ව කල්පිටියට සථිර ප්‍රාදේශීය ලේකම්වරයකු නොසිටි පසුබිමකය. ඒ අනුව ඔහු 2024 මාර්තු 10 දින සිට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් වශයෙන් රාජකාරි කළේය. පුත්තලම දිසා ලේකම් එච්.එම්. සුනන්ද හේරත් මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ, හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම මත, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලද නිර්දේශයකට අනුව මෙම ස්ථාන මාරුව ලැබුණු බවයි.