හිටපු මන්ත්‍රී කුමාරසිරි රත්නායක පැදවූ කැබ් රිය අනතුරක

මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ කැබ් රථය පෙරේදා (29) මොනරාගල – බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. හිටපු මන්ත්‍රීවරයා කැබ් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇති අතර, කැබ් රථයට ඇතුළු වූ බඹරා එළවීමට උත්සාහ කිරීමේදී මාර්ගය අයිනේ පස් කණ්ඩියක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරෙන් හිටපු මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති අතර, කැබ් රථයට හානි සිදුව තිබේ.

මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.