ලොව පුරා ජනප්‍රිය නවසීලන්තයේ මඕරි ගෝත්‍රික ප්‍රජාවේ සම්ප්‍රදායික හකා නර්තන විලාශයෙන් ලෝක වාර්තාව පසුගියදා එරට ඕක්ලන්ඩ් ප්‍රාන්තයේදී බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ ඊඩ්න් පාක් රග්බි ක්‍රීඩාංගණයේදී පුද්ගලයන් 6,531 දෙනකු එක්ව එම නර්තනය ඉදිරිපත් කරමින් බිඳ දමනු ලැබුවේ මීට පෙර 2014 සැප්තැම්බර් මාසයේ පුද්ගලයන් 4,028 දනෙකු ප්‍රංශයේදී හකා නර්තනයේ යෙදෙමින් තැබූ ලෝක වාර්තාව බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.