තෙල් මිලේ දැවැන්ත අඩුවීමක්

සුපිරි ඩීසල් රු. 33කින්

පෙට්ට්‍රල් රු.21කින්

ඩීසල් රු.24කින්

භූමිතෙල් රු. 19කින්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට් කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව නව මිල දර්ශනය මෙසේය.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 332ක් ව පැවැති අතර එහි මිල රුපියල් 21කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 311කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 307ක්ව පැවැති අතර එහි මිල රුපියල් 24කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 283කි. ලංකා සුපිරි ඩීසල් රුපියල් 352ක්ව පැවැති අතර එහි මිල රුපියල් 33කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 319කි. ලංකා භූමිතෙල් මිල රුපියල් 202ක්ව පැවැති අතර එහි මිල රුපියල් 19කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 183කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 377ක්ව පැවැති අතර එහි මිල නොවෙනස්ව පවතී.