උපන් දින තෑග්ගට කමිඳු ගම ලෝකයට ගෙන යයි

ගාල්ලේදී උපත ලබා ගාල්ලේදීම ලෝක වාර්තාවක් බිහිකළ කමිඳු මෙන්ඩිස්ගේ 26 වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ගාල්ලේදී නවසීලන්තය තරග 2-0කින් පරාජය කොට ලද තරගාවලි ජයග්‍රහණය හරියටම අවුරුදු 26කට පෙර ගාල්ලේදී මෙලොව බිහිවූ කමිඳු මෙන්ඩිස්ට උපන් දින තෑග්ගක් බඳු වූවේය.

මෙතෙක් සහභාගී වූ පළමු ටෙස්ට් තරග 8කදී ලකුණු 50ට වැඩියෙන් ලබා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට නව ලෝක වාර්තාවක් කමිඳු මෙන්ඩිස් ගාලු ටෙස්ට් තරගයේදී බිහි කළේය. එය වසර 99ක් පැරණි ලෝක වාර්තාවක් බිද දැමීමක් වූ අතර, 1925දී ඔස්ට්‍රේලියාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 1000 පසුකොට තිබූ වාර්තාව කමිඳු මකා දැමුවේය. කමිඳු මෙන්ඩිස් සිය 13 වැනි ටෙස්ට් ඉනිමේදී පස්වැනි ටෙස්ට් ශතකය ලබා ලොව අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අඩුම ඉනිම ගණනකදී තබා තිබූ ශතක වාර්තාව ද සම කිරීමට සමත් විය.