මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම් අද සිට

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (01) සිට ආරම්භ කෙරේ. ලබන 8 දා දක්වා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම සිදු කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වන දින සිට 14 වන දින දක්වා තැපැල් ඡන්ද කටයුතු කළ යුතු බව ද ඔහු ඉල්ලා සිටී. සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තෝබර් 01 වනදාත් 08 වනදාත් අතර කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරීම් භාර නිලධාරීන්ට ලබා දිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.