Month October 2024

ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගන්න මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් කිරීම වැදගත්

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී…

පාස්කු වාර්තා හරි වෙලාවට එළියට දාන්නම්

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට සූදානම් යැයි ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා ‘දිනමිණට’ ඊයේ (17) පැවසීය. එක් එක් පුද්ගලයන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඒවා හෙළි නොකරන්නේ මන්දැයි යන්න පැවසූ ඒ…

පිටකන්ද නාය යයි

මේ දිනවල මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටකන්ද උඩ කොටසේ වතු නිවාස පේළියක් නාය යෑමෙන් එහි ජීවත් වූ පුද්ගලයන් 52 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. මෙම වතු නිවාස පේළිය නිසි ලෙස නඩත්තු නොකිරීම…

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මෙන්න

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සියලුම පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි…

හදිසි අනතුරකින් සමු ගත් ‘වන් ඩිරෙක්ෂන්’ සුපිරි තරුව

ලෝක ප්‍රකට ‘වන් ඩිරෙක්ෂන්’ (One Direction) සංගීත කණ්ඩායමේ සුපිරි තරුවක් වන ලියම් පේන් හදිසි අනතුරකින් මිය ගොස් තිබේ. ලියෑම් පේන් මිය යන විට වයස අවුරුදු 31කි. ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීමෙන් ඔහු මිය ගොස් ඇති බව විදෙස්…

මැදපෙරදිග සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ රටවල දූත මණ්ඩල හරහා ලාංකිකයින්ට අවශ්‍ය උපදෙස් නිතිපතා ලබාදෙන බවයි. එම උපදෙස්…

කොදෙ­ව්වන්ට එරෙ­හිව ඉති­හා­ස­ගත ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද පිටි­යට

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංක පිල අතර තීර­ණා­ත්මක තෙවැනි සහ අව­සන් විස්සයි20 තර­ගය අද (17) රාත්‍රී 7.00 රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. මේ වන වන විට තරග 1-1ක් ලෙස දෙපිල සම තත්ත්ව­යෙන් පසු­වන බැවින් තර­ගා­ව­ලියේ ශූර­යන්…

පොදු රද මඬුලු සවි එස­වී­මෙන් ශ්‍රී ලංකා­වට පද­ක්කම් වැස්සක්

දකුණු අප්‍රි­කාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩ­ලීය සවි එස­වීමේ තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 24ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. මීට රන් පද­ක්කම් 14ක්, රිදී පද­ක්කම් 9ක් සහ ලෝකඩ පද­ක්ක­මක් ඇතු­ළත් විය. දකුණු අප්‍රි­කාවේ සන්සිටි නුවර පැවති මේ තර­ගා­ව­ලි­යට පොදු රාජ්‍ය…