Month September 2024

රට ඉදිරියට ගෙන යෑමට ජනපතිට ශක්තිය දීමට භික්ෂූන්වහන්සේලා පෙරමුණ ගත යුතුයි-දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

වෛරය, ක්‍රෝධය ඉවතලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනපතිට අවස්ථාව ලබාදීම සඳහා භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත යුතු යැයි දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඉදිරියෙන්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා…

මාලිමාවට චාන්ස් එකක් දුන්නොත් ජනතාවගේ චාන්ස් එකයි නැති වෙන්නේ-ජනපති යාපනය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි අමතමින් කියයි

‘චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ‘චාන්ස් එක’ ගිලිහී යෑම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ යාපනය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පෙරේදා (14) පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි මාලාව අමතමිනි.…

ටජ් මහලේ ජල කාන්දුවක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ටජ්මහල් ඓතිහාසික ස්මාරකයේ ප්‍රධාන ගෝලාකාර කොටසට හානි සිදුවී ඇත. පසුගිය දින තුනේ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම කොටසින් ජලය කාන්දු වී ඇත. වර්ෂාවෙන් ස්මාරකයේ උද්‍යාන ප්‍රදේශයද ජලයෙන් යටවී පවතී. කාන්දුව…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තවමත් නොලැබුණු අයට දැනුම් දීමක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විටත් නොලැබුණු පුද්ගලයන් හට තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි. ඒ මේ දක්වා ඔබ වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත…

වැසි වැඩිවෙන ලකුණු

අද(15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට…

කොළඹ නෙළුම් කුළුණට වසර දෙකක් සපිරේ

කොළඹ නෙළුම් කුළුණ ජනතාවට විවෘත කර අදට(15) දෙවසරක් සපිරේ. නවෝත්පාදනය ආශ්වාදයක් වන කොළඹ නෙළුම් කුළුණ 2022 සැප්තැම්බර් 15 වැනිදා සිට මහජනතාවට විවෘත ශ්‍රී ලාංකීය භූ දර්ශනයට නව අත්දැකීමක් එක් කරමින්, දකුණු ආසියාවේ උසම ස්වයං ආධාරක ව්‍යුහය සහ රටේ උසම අහස්…

පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා වන ආයෝජන සහ පහසුකම් වෙනුවෙන් එළඹුණු ගිවිසුම

මෙරට පිලිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම…

ශිෂ්‍යත්ව විභාගය අදයි

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පෙරවරුවේ ආරම්භ වනවා. දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,849කදී විභාගය ආරම්භ වූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට…

චීනයේ වාර්ෂික සේවා ආනයන හා අපනයන පරිමාවේ ඉහළ වර්ධනයක්

2023 වසරේ චීනයේ සේවා ආනයන සහ අපනයන පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 900 ඉක්මවයි. ‘2023 චීන සේවා වෙළඳ සංවර්ධන වාර්තාවේ’ මේ බව දැක්වේ. 2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ඊ‍යේ (13) පැවති සේවා වෙළඳ සංවර්ධන සංසදයේ දී එම වාර්තාව නිකුත්…

ශ්‍රී ලංකා සහ නව­සී­ල­න්ත පළමු ටෙස්ට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව හා නවසී­ල­න්තය අතර ගාල්ලේදී පැවැ­ත්වී­මට නිය­මිත ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු තර­ගය නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ප්‍රේක්ෂ­ක­යින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදා­නම් වෙයි. ගාලු ක්‍රීඩාං­ග­ණයේ දොරටු අංක 4 ඔස්සේ ප්‍රේක්ෂ­ක­යින්ට ඇතු­ලු­වීමේ අවස්ථා ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ…