Month September 2024

පාකිස්තානයේ විදුලි අර්බුදය දිග්ගැස්සෙයි-ජම්මු කාශ්මීර් ජනතාව විරෝධතාවක

පාකිස්තානයේ පාරිපාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පවතින දැඩි විදුලි අර්බුදය හේතුවෙන් ජනතාව විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අඛණ්ඩව විදුලිය සැපයීමට ප්‍රාන්ත රජය අසමත් වී ඇතැයි ද, දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටීමෙන් ජන ජීවිතය මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටත්…

බංගලි ඇඟලුම් අපනයනය බිඳ වැටීමෙන් ජාත්‍යන්තර ගනුදෙනුකරුවෝ ඉන්දියාව දෙසට හැරෙති-දැනටමත් ඉන්දීය රුපියල් බිලියන 4.50ක ඇණවුම් ලබා දෙති

බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවල මතු වී ඇති සේවක නොසන්සුන්තාව හේතුවෙන් ජාත්‍යන්තර ඇඟලුම් ඉල්ලුම්කරුවන් සිය ඇණවුම් සඳහා ඉන්දියාව වෙත අවධානය යොමු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බාහිර පුද්ගලයන්ගේ පෙළඹවීම මත සේවක සේවිකාවන් වැඩ වර්ජනයකට එක්වී සිටින බවට බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන…

සියලු ආගම්වල දහම් පාසල් ගුරුන්ට 2500ක නිල ඇඳුම් දීමනාවක්-රු.5000ක දිරි දීමනාවක් දෙන්නත් කැබිනට් අනුමැතිය

සියලු ආගම්වල දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වර්ෂයේ දී සියලු ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5, 000ක දිරිගැන්වීමේ ගුරු දීමනාව සහ රුපියල් 2, 500ක නිල…

ඇල්ල පුංචි ශ්‍රී පාදයේ ගින්නෙන් අක්කර 50ක් විනාශයි

ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න දින තුනක් පුරා ඊයේ (15) වනවිටත් පැතිර යමින් තිබූ බවත්, ගින්නෙන් අක්කර පනහක පමණ කොටසක් විනාශ වී ඇතැයි ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පවසයි. පවතින අධික වියළි දේශගුණික තත්ත්වයත් සමඟ ඉකුත්…

ඇතැම් පක්ෂ මෑන් පවර් ඒජන්සිවලින් සෙනඟ ගෙනත් ජනරැලි මවනවා-විජයදාස මල්වතු නාහිමි හමුවේ කියයි

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද වන විට ලාභදායි ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන බවත් විවිධ පක්ෂවල හා අපේක්ෂකයන්ගේ අවශ්‍යතාව මත රැස්වීම් සංවිධාන කිරීමට මෑන් පවර් ඒජන්සි බිහි වී ඇති බවත් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවෙහි පැවසුවේය. රැස්වීම්වලට…

සේමසිංහගේ ආරක්ෂක සැරයන්ට පුත්තලමේ ASPගෙන් චණ්ඩි පාට්

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු පවුලේ අය සමඟ යමින් සිටි මුදල් අමාත්‍යාංශයට අයත් සුඛෝභෝගී ජීප් රථය හප්පා අනතුරට ලක් කළ සහකාර පොලිස් අධිකාරීවරයා අනතුරින් පසු ඇමැති ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන්වරයාව සිය මෝටර් රථයේ දමාගෙන සහකාර පොලිස් අධිකාරී කාර්යාලය…

මාලිමාවේ විධායක සභිකයෙක් හා ආසන සංවිධායකවරයෙක් රනිල්ගේ වේදිකාවට

මෙරට ආර්ථිකය 2022 වසරේ කඩා වැටුණු අවස්ථාවේ පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ තමන් අද ජනතාවගේ ඡන්ද බලය ඉල්ලා සිටින්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (15) පැවැසීය. මහනුවරදී පැවැති…

ශිෂ්‍යත්ව විභාගයට ගිය දරුවන්ගේ ආරක්ෂාවට ගිය වනජීවී නිලදරුවන්

වනඅලි ඇතුළු වන සතුන් නිතර ගැවසෙන මිනිපේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වනගත දුෂ්කර ගම්මානවල පදිංචි මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන්ගේ ආරක්ෂාව සඳහා හසලක වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය ජංගම මුර සංචාරක වැඩසටහනක් ඊයේ (15) වැනි දවස පුරා ක්‍රියාත්මක…

කතරගම මත්පැන් අලෙවිසලක් දැමීමට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විරෝධය

කතරගම මත්පැන් අලෙවිහලක් (වයින් ස්ටෝස්) දැමීමට විරෝධය පා කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරු සහ ප්‍රදේශවාසීහු පෙරේදා (14) විරෝධතාවක නිරත වූහ. කතරගම පූජා භුමියක් ලෙස නම් කර ගැසට් කර තිබියදී පූජා භූමියට ළංව මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍රය හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය කථානායක අජිත්…

මිනීමරු-ප්‍රචණ්ඩ දේශපාලනය මෙරටින් දුරු කළ හැක්කේ ජනාධිපති රනිල්ට පමණයි- ඇමැති බන්දුල ගුණවර්ධන

මිනීමරු ප්‍රචණ්ඩ දේශපාලනය මෙරටින් තුරන් කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වග, ඉහළ මාඹුල ප්‍රදේශයේ ඊයේ (15) පැවැති ජන හමුවක් අමතමිනි. එහිදී…