Month September 2024

ජනාධිපතිවරණය වෙනුවෙන් වන්නියේ මධ්‍යස්ථාන 387ක් ආරක්ෂාවට පොලිස් නිලධාරීහු 1500ක්

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 306081ක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 387ක් පිහිටුවනු ලබන බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී.ඒ. සරත්චන්ද්‍ර මහතා වවුනියාව දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී 16දා පැවසීය. ඡන්ද මධ්‍යස්ථානවල හා ඡන්ද දායකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යොදවා සිටින…

ජනපතිගේ හෝමාගම අවසන් මහ රැලියේ කටවුට් බැනර් සියල්ල ගලවන්න මැ.කො. නියෝග කරයි

හෝමාගමදී හෙට (18) පැවැත්වෙන ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන අවසන් මහා රැලියට අදාළව ප්‍රදේශයේ ප්‍රදර්ශන කර තිබෙන බැනර් කටවුට් සියල්ල ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් හෝමාගම පොලිසියට හා හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී…

නරියාකන්ද ගිනිගනී

දියතලාව නරියාකන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර පහක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය අද (16) පැවසීය. දියතලාව යුදහමුදා කඳවුර භූමියේ පිහිටි මෙම නරියාකන්ද රක්ෂිතයේ පෙරේදා (15) රාත්‍රි මෙසේ ගින්න හටගෙන ඇති අතර, පසුව දියතලාව…

කළුතර ගින්නක්

කළුතර උතුර ගාලුපාරේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ඊයේ (16) පස්වරුවේ ගින්නක් හටගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධාන ගිනි නිලධාරී අමිල ඉන්දික ඇතුළු නිලධාරීන් ගින්න පාලනය කරමින් සිටින අයුරු දැකගත හැකිවිය.ගින්නෙන් එහි දේපළවලට…

හොරු අල්ලනවා කියන මන්ත්‍රීවරු ඒ ගැන යෝජනාවක්වත් ගෙනත් නෑ-අපි පනත ගැසට් කරලත් අවසන්

හොරා කෑ දේපොළ පවරා ගන්නා බවට කට කියවන කිසිවකු ඊට ඒ වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හෝ ගෙන ඒමට මෙතෙක් කටයුතු කර නැතැයි අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැවසුවේය. අයථා ලෙස උපයාගත් ධනය හා දේපොළ නැවත පවරා ගැනීමට…

පෞද්ගලික අංශයට වැඩි කළ අවම මූලික වැටුප රු. 21,000 මේ මස සිට-EPF-ETF-පාරිතෝෂික වැඩි වීමත් නව මූලික වැටුප අනුව

සම්මත වූ පනතට කථානායක අත්සන් තබයි පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට ඉහළ නැංවීම මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත් කරමින්…

බලය ඉල්ලන කතාකාරයන් වගේ නොවේ මගේ පැතුම ක්‍රියාවෙන්ම විප්ලවයක් කිරීමයි-මහනුවර-නුවරඑළිය-රත්නපුරය-හොරණ ‘රනිල්ට පුළුවන්’ ජනරැලි අමතමින් ජනපති කියයි

රටේ වෙනසක් ඇති කරන්නැයි බලය ඉල්ලන කතාකාරයන් මෙන් නොව තමා, බලය ඉල්ලන්නේ ක්‍රියාවෙන්ම ඉදිරි වසර පහ තුළ අප රටේ ආර්ථික, සමාජ විප්ලවයක් සිදු කරන්නයැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ ‘රනිල්ට පුළුවන්’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි…

රට පුරා තාක්ෂණවේදය විෂය ධාරව හඳුන්වා දීමට විරුද්ධ වුණේ ජවිපෙ පමණයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාව පුරා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයවත් අනිත් කිසිම පක්ෂයක් වැඩ නොකළ බවත්, ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට විරුද්ධව වැඩ කළ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ගෑස් සිලින්ඩරය ලකුණින්…

මැතිවරණය සඳහා විශේෂ බස් රථ සේවාවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මඟින් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව…

මැතිවරණ ප්‍රචාරක රැලි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැලි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේදී පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත බව…