Month September 2024

මුල් පෙළ පිතිකරුවෝ යළිත් කමිඳු සහ ධනංජයට බර පටවති-ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 62ක් පසුපසින් නවතී

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හැර සෙසු මුල් පෙළ පිතිකරුවන් එංගලන්ත තරග බිමේදී පිට පිට 5 වැනි වරටත් ලකුණු අතරට පිවිසීමට අසමත් වීම හේතුවෙන් යළිත් ලන්ඩනයේ ඕවල්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදීත් බර කරට ගැනීමට කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වාට…

ඡන්දෙට පාසල් නිවාඩු දෙයිද?

ඡනාධිපතිවරණය සඳහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කර ගැනීම, ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ආරම්භ කරන බවය. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්, ලබන 19 සහ 20…

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ…

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාර ගැනේ

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි. නව මුහුණු වරකින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රකාශන ආධාර…

පූජිත් පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙයි. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති අතර එම සම්පූර්ණ මුදල ගෙවා නිමකර ඇත්තේ 8 වතාවකටය.

ඉදිරි පැය 24 ට කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව බෙංගල බොක්ක මුහුද…

නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයේ වෙනසක්

තමිල්නාඩුවේ නාගපට්නම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව වෙනුවෙන් තවත් අතිරේක දිනයක් ලබාදී තිබෙනවා. සතිපතා එම මගී යාත්‍රාව ක්‍රියාත්මක වූ අතර ලබන 21 වනදා සිට සෙනසුරාදා දිනවල ද එය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ජනපති අපේක්ෂකයින් සහ නිරීක්ෂකයින් මැතිවරණ කොමිසමට

මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙනවා. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරෙනු ඇති. එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරීක්ෂකයින් සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇල්පිටියේ නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්

ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් පමණ මේ වන විට බෙදා අවසන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. විශේෂ දිනයක් ලෙස සලකා ඊයේ (08) දිනයේ ද නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදු කළ බවයි ඔහු…