Month September 2024

සජිත්ගේ විකාර කතා ඇහුවම ඔහු ප්‍රා. සභාවටවත් සුදුසුදැයි හිතා බලන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන කරන විකාර දෙස බැලූ විට ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති තරුණ සමුළුව අමතමින් පෙරේදා (08)…

ඇපල් සමාගමේ නවතම iPhone 16 දුරකථන පෙළ හඳුන්වාදෙයි

පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් විය. ඇපල් සමාගම පවසන පරිදි  එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විතය. ඇපල් සමාගම විසින් ඊයේ  iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro…

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති එළඹෙන 11 රෑ සිට තහනම්

5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු එළඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන…

එදා ලැම්බෝගිනි හොයන්න අපේ ගෙදර වැසිකිළි වළ පවා හෑරුවා

එදා යහපාලන ආණ්ඩුව කාලේ ජනතා බදු මුදල් නාස්ති කරමින් ලෝකේ වටේ ගොස් ගිණුම් පරීක්ෂා කරමින් රාජපක්ෂලාගේ ගිණුම්වල අයුතු ලෙස උපයා ගත් කිසි දෙයක් නෑ කියා සොයා ගත් පිරිසම අද හොරු අල්ලන්න යැයි කියමින් ජනාධිපති අපෙක්ෂකයන් වී ජනතාව ඉදිරියට පැමිණ සිටින…

පාසල් සිසුන්ගේ සීසන් ටිකට් සහනාධාරය ගැන අලුත් තීරණයක් ඉදිරි කැබිනට්ටුවේදී

පාසල් සිසුන්ගේ සීසන් ටිකට් සහනාධාරය පිළිබඳ නවතම යෝජනා ඇතුළත් කරමින් සහනාධාරය වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ඉදිරි කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බලාපොරොත්තු වන බව ‘දිනමිණ‘ට පැවැසීය. මීට…

බංග්ලාදේශයට විදුලිය සැපයූ ඩොලර් මිලියන 500ක හිඟ මුදල් ඉල්ලා ගෞතම් අදානි අන්තර්වාර රජයට අනතුරු අඟවයි

බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම හිඟ මුදල මෙතෙක් නොගෙවීම හේතුවෙන්…

අභියෝග ජයගන්නා බවට මාලදිවයිනේ මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්

වසර 2026දී එක වරකල් පිරෙන සුකුක් බැඳුම්කර ඇතුළු ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවට පත්ව සිටියද එම වගකීම ඉටු කිරීමට රජය සමත්වනු ඇතැයි මාලදිවයිනේ මුදල් ඇමැති ආචාර්ය මොහොමඩ් ෂෆීක් විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 25ක කූපන්…

ජාතික ගීය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ යළි විරෝධතා

බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිචි ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ක්‍රීඩා ලොව වැඩිම ආදායම ඉපැයූ ක්‍රීඩකයා රොනාල්ඩෝ-කෝටි 3021ක් ආදායම් ලැබූ කෝලි 9 වැනි තැනට

ක්‍රීඩා ලෝකයේ වසරක වැඩිම ආදායම් ඉපයූ ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතිහාසගත වෙයි. 2023 සැප්තැම්බර් 1 සිට 2024 සැප්තැම්බර් 1 දක්වා කාලය තුළ රොනාල්ඩෝ ඉන්දීය රුපියල් කෝටි 2081ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7428ක්) උපයාගත් බව මාධ්‍ය වාර්තා සඳහන්…

රනිල්ගේ සහායට රිෂාඩ්ගේ පක්ෂයේ ප්‍රබලයෝ රැසක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පූර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයෝ රැසක් පවසති. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අලිකාන් ෂෙරිෆ්, මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති…