Month September 2024

මට ඉදිරි වසර පහ අවශ්‍යයි -ජනපති රනිල්

Gen Z පරපුර සමාජයට ඇතුළු කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර…

විවෘත සංවාදයකට අනුරගෙන් රනිල්ට අභියෝගයක්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විවෘත සංවාදයක් සඳහා පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා. ආණමඩුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඒ මහතා මෙම ප්‍රකාශ සිදුකර ඇති බව සඳහන්.

ලාංකිකයින් 2,252ට ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවේ. මේ අතර, සැප්තැම්බර් මස 12…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණයකට කැබිනට් අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩ සටහන මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ…

සාපෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ පසුවන බවය. එහිදී…

රට තුළ කුකුළුමස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට එයි

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද(10) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මේ වනවිට රටේ දෛනික බිත්තර…

මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

සරසවි සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙයි. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ,…

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට ද ඔහු සිය දායකත්වය ලබාදීමට නියමිතය. විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව…

ත්‍රිකුණාමලය රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මැතිවරණ පැමිණිලි

රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මැතිවරණ නිරාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 09ක් ලැබී තිබෙනවා. සහකාර තේරීම් භාර නිලධාරී හා අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා මේ බව සඳහන් කර සිටියා.

දක්ෂිණ අධිවේගයේ රථයක හදිසි ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ වාහනයක් ගිනි ගෙන තිබෙයි. ඒ හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙයි