Month September 2024

ෂොරිෆුල් ඉස්ලාම්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම් හට පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. පසුගිය සතියේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ෂොරිෆුල් ඉස්ලාම් මෙලෙස ආබාධයට ලක්වී තිබෙනවා. පාකිස්ථානයට එරෙහිව රාවල්පින්ඩි…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මෙම මාසය සඳහා සිදු කෙරෙන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලබන 4 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 152,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල්…

ටස්මේනියාවට විදුලිය විසන්ධි වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබෙනවා. දින කිහිපයක සිට අධික සුළං සමග පවතින වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ටස්මේනියා හි 30,000කට අධික…

බ්‍රසීලයේ තහනම් වූ X

සිය රට තුළ X සමාජ මාධ්‍ය මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට බ්‍රසීලය පියවරගෙන තිබෙනවා. අසත්‍ය තොරතුරු පැතිරවීම වළක්වන ලෙසට X සමාජ මාධ්‍ය ජාලයට මීට පෙර අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව X සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු වන Elon Musk කටයුතු නොකිරීම හේතුවෙන් මෙම…

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, අද (01) උදෑසන කාලයේ දී ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ හරහා එරට ගොඩබිමට ඇතුළු වී තිබෙනවා. ඉදිරි පැය 24 තුළදී එය…

තව තවත් ඉහළ යන මැතිවරණ පැමිණිලි

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (31) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 153ක් ලැබුණු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙති

කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා. කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙනවා.

ගෑස් මිල සංශෝධනය වෙයිද?

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල ගණන්හි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ පසුගිය ජූලි මස 02 වනදායි. පසුගිය අගෝස්තු මාසයේදී ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු වුණේ…

ජනපතිවරණ නිරීක්ෂණයට ආ යුරෝපා සංගමය

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්.