Month September 2024

හෙට යෙදෙන පොලීසියේ සංවත්සරයට සර්ව ආගමික වැඩසටහන්

158 වන පොලිස් දින සංවත්සරය හෙටට (03) යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පොලිසිය විසින් සම්ප්‍රදායිකව සර්ව ආගමික වැඩසටහන් පවත්වනු ලබන බව සඳහන්. ඒ අනුව බෞද්ධ ආගමික වැඩසටහන කොම්පඤ්ඤවීඩිය, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර කතෝලික දේව මෙහෙය පැවැත්වෙන්නේ මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික…

මහජන ආධාර මුදලින් ගොඩනැඟූ වලස්මුල්ල මූලික රෝහලේ ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ පිවිසුම් මඟ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල මුලික රෝහල් පරිශ්‍රයේ මහජන ආධාරයෙන්ම ගොඩනගන ලද ශල්‍යාගාර සංකීර්ණයේ ඉහළ මහලයේ ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ ඒ වෙත ලගාවීම සඳහා නිර්මාණය කරන ලද පිවිසුම් මග නිල වශයෙන් විවෘත කිරීම සිදු කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත…

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා. “ඔබ වෙනුවෙන් දියුණු රටක් -නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙසිනුයි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ.

අද තැපෑලට දෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) සිදුකිරීමට නියමිතව තිබෙනවා. තැපෑලට භාරදීමෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. ඒ අනුව අදාළ බෙදාහැරීමේ කටයුතු හෙට…

දිළඳුකම තුරන් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාරගැනීමට සූදානම් – අනුර

දිළඳුකම තුරන් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. තමන් ගම්වල ඉපදුනු පිරිසක් බවත් දුප්පත්කම දැක සහ විඳපු පිරිසක් නිසා තමන්ට දුප්පත් කම විලාසිතාවක් නොවන බවයි අද (01) කොළඹ පැවති ජන…

ජනතාවගේ දුක කඳුළු ඉවත් කර සෞභාග්‍යමත් ජන ජීවිතයක් උදා කිරීමේ වගකීම මම භාරගන්නවා – සජිත්

සදාකාලික ආධාර මත යැපීමට කටයුතු නොකරන දෙපයින් නැගී සිටීමට හැකි අභිමානවත් ජන පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රට බංකොළොත් වීම තුළ සිංහල, දෙමළ මුස්ලිම් ඇතුළු සියලුම ජනයාගේ ජීවිත අඩාල…

ඉන්ධන මිළ පහළට

ඊයෙ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 2කින් අඩු වී…

සැප් 21 රනිල්ට ඡන්දෙ දැම්මොත් රනිල් ජනාධිපති, හැබැයි වෙන කෙනෙකුට දැම්මොත් 2025 දෙසැම්බර් රනිල් ජනාධිපති – අලි සබ්රි

රට කඩා වැටුණු අවස්ථාවේදී වගකීම භාර ගනිමින් තනි පුද්ගලයෙක් ලෙස රට ගොඩගැනීමට නායකත්වය ලබාදුන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය අලී සබ්රි පවසනවා. සැප්තැම්බර් 21 රනිල් වික්‍රමසිංහට ඡන්ද ලබාදීමට කටයුතු කළ හොත් ජනාධිපති ධූරයට පත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ…

ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න මම ඉල්ලන්නේ වසර 05 යි – ජනපති

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන…

පරදින තැනට ඔට්ටු අල්ලන්න එපා – එස්.එම්. මරික්කාර්

අහස උසට බඩු මිල වැඩි කළ සහ බදු ගැසූ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. පරදින ඉත්තන්ට ඔට්ටු ඇල්ලීමක් සිදු නොකරන ලෙසත් රනිල් වික්‍රමසිංහට අබ සරණයි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. ජනතාවගේ…