Month September 2024

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කරයි

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය…

බස් ගාස්තු වෙනසක් නැහැ

අන්තර්වාර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සදහන් කරයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර සිටියි.

රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා – ජනපති

ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම…

වියදම් විස්තරය හරියට නොදෙන අපේක්ෂකයන්ට වැඩ වරදී

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.…

බස් ගාස්තු ගැන අද විශේෂ තීරණයක්

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවනවාද නැද්ද යන්න පිළිබඳව අද(02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. කෙසේ නමුත් ඉන්ධන මිළ පහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය. මේ…

මෙවර ජනපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය සහ හිංසාවාදය අතර සටනක්

මෙවර ජනාධිපතිවරණ සටන තුළ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ හිංසාවාදය අතර සටනක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. කොළඹ නව නගර ශාලාවේ පසුගියදා (30) පැවැති මහජන එක්සත් පෙරමුණ කොළඹ දිසා නියෝජිත සමුළුවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ගොඩ ගත්ත රට යළි…

රජයේ වැඩපිළිවෙළ වෙනස් වුණොත් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් අහිමි වෙනවා

එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට හිමිවීමට නියමිත වැටුප් වැඩිවීම් අහිමිවී යෑමේ පැහැදිලි අවදානමක් පවතින…

TNA සහාය සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්…

ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට දෙන්න තීරණයක් ගෙන නෑ

වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල තීරණය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ පක්ෂය එවැනි…

මිලියන 200ක වන්දියක් ඉල්ලා ඇමැති ප්‍රසන්නගෙන් – දයාසිරිට එන්තරවාසියක්

තමන්ට ලැබුණු සුරාබදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියකුගේ නමට නිකුත් කර ඇති බවට කළ සාවද්‍ය ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 200ක මුදලක් වන්දි ලෙස ගෙවන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…