Month September 2024

ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තිලකරත්ත අභාවප්‍රාප්ත වෙයි

සති අග අරුණ පුවත් පතේ උප කර්තෘ ප්‍රවීණ පුවත් පත් කලාවේ දී උපාලි තිලකරත්ත මහතා පෙරේදා (2) අභාවප්‍රාප්ත විය. කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදී සිසුවකු වූ ඒ මහතා දිවයින පුවත් පතෙන් පුවත් පත් කලාව ආරම්භ කළේ අනූව දශකයේ මුලය. අනූ හතරේ…

සමිත දුලාන් තැබූ ලෝක වාර්තාව

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් සමගින් ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ, F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින්. එහිදී රිදී පදක්කමක් දිනාගත් සමිත දුලාන් F…

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වැඩි කරන නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට

ලබන ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු…

දින තුනකදී ගසාහි වයස අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකකට පෝලියෝ එන්නත් කරයි

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් කිරීමේ ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා ඒ අනුව තෙවන දිනයේදී ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකක් පමණ එන්නත් කර ඇති බවයි එම සංවිධනය කියා සිටියේ පසුගිය…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ට වැඩි…

මාතර ඉඩම් රජයට පවරා ගන්නා බවට ගෙන යන ප්‍රචාර බොරු – මහින්ද අමරවීර

මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉඩම් රජයට පවරා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් රජයට නොමැති බවත් මේ සම්බන්ධව ඇතැම් පිරිස් සිදු කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද (03) පාර්ලිමේන්තුවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා…

රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටලුවට විසඳුමක්

රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට…

විපක්ෂයේ අසුන් ගත් ජගත් කුමාර

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (03) විපක්ෂයේ අසුන් ගත්තා. පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුවයි ඔහු විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කළේ. ජගත් කුමාර මහතා පසුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට…

හෙට ඇරඹෙන තැපැල් ඡන්දය

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) සිට ආරම්භ වනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස්…

පොලිස් සංවත්සර දිනය අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා. ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.