Month September 2024

පෞද්ගලික අංශයට වැඩි කළ අවම මූලික වැටුප රු. 21,000 මේ මස සිට-EPF-ETF-පාරිතෝෂික වැඩි වීමත් නව මූලික වැටුප අනුව

සම්මත වූ පනතට කථානායක අත්සන් තබයි පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට ඉහළ නැංවීම මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත් කරමින්…

බලය ඉල්ලන කතාකාරයන් වගේ නොවේ මගේ පැතුම ක්‍රියාවෙන්ම විප්ලවයක් කිරීමයි-මහනුවර-නුවරඑළිය-රත්නපුරය-හොරණ ‘රනිල්ට පුළුවන්’ ජනරැලි අමතමින් ජනපති කියයි

රටේ වෙනසක් ඇති කරන්නැයි බලය ඉල්ලන කතාකාරයන් මෙන් නොව තමා, බලය ඉල්ලන්නේ ක්‍රියාවෙන්ම ඉදිරි වසර පහ තුළ අප රටේ ආර්ථික, සමාජ විප්ලවයක් සිදු කරන්නයැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ ‘රනිල්ට පුළුවන්’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි…

රට පුරා තාක්ෂණවේදය විෂය ධාරව හඳුන්වා දීමට විරුද්ධ වුණේ ජවිපෙ පමණයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාව පුරා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයවත් අනිත් කිසිම පක්ෂයක් වැඩ නොකළ බවත්, ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට විරුද්ධව වැඩ කළ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ගෑස් සිලින්ඩරය ලකුණින්…

මැතිවරණය සඳහා විශේෂ බස් රථ සේවාවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මඟින් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව…

මැතිවරණ ප්‍රචාරක රැලි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැලි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේදී පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත බව…

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ගංවතුරෙන් පෝලන්තයට සහ ඔස්ට්‍රියාවට බලපෑම්

මධ්‍යම යුරෝපයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පෝලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල ගංවතුර තත්ත්වයන් හටගෙන තිබෙනවා. මේ වනවිට පෝලන්තයේ එක් අයෙකු ආපදා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු ආපදා සහන කණ්ඩායමක සාමාජිකයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින ආපදා තත්ත්වය…

ට්‍රම්ප්ට වෙඩි තැබූ සැකකරු අල්ලයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆ්ලොරීඩා හිදී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර එහිදී ට්‍රම්ප් දිවි බේරා ගැනීමට සමත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා කරන ස්ථානයට ඉදිරියෙන් ගොල්ෆ් පිටියේ පඳුරු අතර ඒ.කේ. 47 වර්ගයේ…

මරණයකින් කෙළවර වූ ආරවුල

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ‍තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. ඝාතනය සිදුකළ සැකකරු හදුනාගෙන…

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන් : යළි නොවැටෙන ආර්ථිකයක් හදන්න ජනවරම මට දෙන්න

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අද (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ…