Month September 2024

ගාසාහි පෝලියෝ ව්‍යාපාරයේ දෙවන අදියර ඇරඹේ

ගාසාහි පෝලියෝ එන්නත්කරණයේ දෙවන අදියර ආරම්භය කර තිබෙනවා ඒ අනුව සිය දරුවන්ට පෝලියෝ එන්නත ලබා දීම සඳහා පලස්තීනුවන් පිරිසක් ගාසා තීරයේ දකුණේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මේ වන විට 187,000 කට පෝලියෝ එන්නත ලබා…

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය…

මෙවර මම මධ්‍යස්ථයි – සහාය කාටවත් නෑ -හිටපු ජනපතිනී චන්ද්‍රිකා

එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් කිසිඳු පක්ෂයකට හෝ නායකයෙකුට සහාය නොදක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිනිනිය සඳහන් කර සිටින්නේ තමන් මෙම අවස්ථාවේ දී මධ්‍යස්ථව සිටීමට තීරණය ඇති බවයි. තවද විවිධ වූ අපේක්ෂකයින් හට තමා…

මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ…

උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවයි

අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවා තිබෙනවා ඒ අනුව සබැදිය හරහා ඊයේ (04) සිටලබන 23 වැනිදා දක්වා අයඳුම්පත් කැඳවීම සිදුකරනු ලබන බව සඳහන් ඊට අදාළ නිවේදනය පහතින්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊට අදාළ නිවේදනය පහතින්

සීදුවේ බෝඩිමක සිටි කතක් ඝාතනය කරයි

සීදූව අමන්දොළුව ප්‍රදේශයේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා පොලිසිය පැවසුවේ ඊයේ (04) පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි ඝාතනයට ලක් වූ කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ අදාළ බෝඩිම් කාමරයේ නැවතී සිට…

ජනපතිට සහය දෙන්න පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

ඉදිරි ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුවෙන් ගොඩනැගුණු පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම අද (05) සිදු කෙරුණා ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුසලානය ලකුණ යටතේයි මෙම නව පෙරමුණ එළි දැක්වුණේ එම පෙරමුණට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

විජයදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා විධිමත් රටක් නිර්මාණය කිරීමේ භාරධුර වගකීම යථාර්ථයක් කරනු පිණිස මෙම විධිමත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා

විද්‍යාපීඨ සියල්ල එක්කරන අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ පනත් කෙටුම්පත කැබිනෙට්ටුවට

ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.ඇමතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ඊයේ(04)…