Month September 2024

කමලා හැරිස් ජනපති වුවහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මැකී යාවි-අමෙරිකාවේ යුදෙව්වන් අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

එළැඹෙන ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් තේරී පත්වුවහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් තුරන් වනු ඇතැයි රෙපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරදී එරට සිටින යුදෙව් ජාතිකයන් අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් එම අනතුරු ඇඟවීම…

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එක්වෙයි

සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සමසත්කාරකත්වය ලබා තිබෙනවා. ඒ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ සහයෝගය ඇතිවයි.…

ගීත ගයා මසුන් අල්ලන අරුම පුදුම දූපත

වසර කිහිපයකට පෙර, සෑම වසන්ත සෘතුවකම සිසිලියේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ එගාඩි (ඒගාඩියන්) දූපත්වල අරුම පුදුම චාරිත්‍රයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රයිස් නමින් හැඳින්වෙන සාම්ප්‍රදායික නායකයෙකු පසුපස හඹා යන ධීවර ප්‍රජාවක් ඔවුන්ගේ බෝට්ටුවලින් මුහුදට ගොස් පැරණි,…

‘රනිල්ව කියවන්න’ ප්‍රචාරක වැඩසටහන අද ඇරැඹේ

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ‘රනිල්ව කියවන්න’ නම් වූ ප්‍රචාරක වැඩසටහන අද (07) පෙ.ව. 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ. පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම්…

තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ දේශපාලනඥයාට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පෙරේදා (05) පැමිණිල්ලක් ලැබී තිබේ. එම පුද්ගලයා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු වන…

ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් දෙන්න ආයුර්වේද ජාතික සභාවක්-දේශීය වෛද්‍ය සමුළුවේදී ජනපති කියයි

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දීම තම අරමුණ බවත් ඒ කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පස් වසරක සැලැස්මකින් ආයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතියට පියවර ගන්නා බව…

ජනපති තීන්දුවක් අරගෙන!

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති…

‘නාමල් දැක්ම’ ගෙයින් ගෙට ගොස් පැහැදිලි කිරීම අද ඇරැඹේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිවෙසින් නිවෙසට ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහන අද (07) උදෑසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා…

වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වී මිල ඉහළට

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් තිබෙනවා. රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කෙරුණා. එහි පළමු අදියර…

වසන්ත සමරසිංහට එරෙහිව මනූෂගෙන් එන්තරවාසියක්

ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා. විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ…