Month September 2024

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කම්හල විවෘත වෙයි

කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන…

1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළ ආර්ථික පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් රටේ ඇති කරනවා-ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මීට වසර දෙකහමාරකට පෙර දරුණු ආර්ථික කඩාවැටීමකට පත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා අමාරුවෙන් ගොඩගැනීමට අප ක්‍රියාත්මක කළ ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙනයනවද? නැද්ද? එසේ…

උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් පමණයි-යාපනයේ හිටපු නගරාධිපතිනිය යෝගේශ්වරී සත්කුණරාසා

උතුරේ දෙමළ දේශපාලන නායකයන් ජනාධිපතිවරණයේදී විවිධ පුද්ගලයන් ජයග්‍රහණය කරවීමට කටයුතු කළත් උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බැවින් ඔහු මෙවර නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව යාපනය මහනගර සභාවේ හිටපු නගරාධිපතිනිය වූ යෝගේශ්වරී සත්කුණරාසා මහත්මිය යාපනයේදී…

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආදායම සහ වියදම අතර බිලියන 4000ක හිඟය නිසා IMF එකඟතා මුළුමනින්ම බිඳවැටෙන අවදානමක්-ජනපති අනතුරු අඟවයි

ඩොලරය රුපියල් 500කටත් වඩා ඉහළ යන තත්ත්වයක් සජබ නායකයා IMF එකට කතා කළ බවට කියන්නේ අමූලික බොරු සජබ සහ මාලිමාව තවමත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන IMF සමඟ සාකච්ඡා කර නෑ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කළහොත්…

සජිත්ගේ දක්ෂ කණ්ඩායම වී ඇත්තේ මුලින්ම පොහොට්ටුවෙන් පැනපු අයයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

සජිත්ගේ දක්ෂ කණ්ඩායම වී ඇත්තේ මුලින්ම පොහොට්ටුවෙන් පැනපු අය බව මහාමාර්ග ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වීමෙන් පසුව නැවත පක්ෂය ගොඩනැඟීම සඳහා මහින්ද සුළග සමඟ නව පක්ෂයක් නිර්මාණය කිරීමේ භාරධූර කාර්යය…

ජනාධිපතිවරණය වෙනුවෙන් වන්නියේ මධ්‍යස්ථාන 387ක් ආරක්ෂාවට පොලිස් නිලධාරීහු 1500ක්

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 306081ක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 387ක් පිහිටුවනු ලබන බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී.ඒ. සරත්චන්ද්‍ර මහතා වවුනියාව දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී 16දා පැවසීය. ඡන්ද මධ්‍යස්ථානවල හා ඡන්ද දායකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යොදවා සිටින…

ජනපතිගේ හෝමාගම අවසන් මහ රැලියේ කටවුට් බැනර් සියල්ල ගලවන්න මැ.කො. නියෝග කරයි

හෝමාගමදී හෙට (18) පැවැත්වෙන ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන අවසන් මහා රැලියට අදාළව ප්‍රදේශයේ ප්‍රදර්ශන කර තිබෙන බැනර් කටවුට් සියල්ල ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් හෝමාගම පොලිසියට හා හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී…

නරියාකන්ද ගිනිගනී

දියතලාව නරියාකන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර පහක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය අද (16) පැවසීය. දියතලාව යුදහමුදා කඳවුර භූමියේ පිහිටි මෙම නරියාකන්ද රක්ෂිතයේ පෙරේදා (15) රාත්‍රි මෙසේ ගින්න හටගෙන ඇති අතර, පසුව දියතලාව…

කළුතර ගින්නක්

කළුතර උතුර ගාලුපාරේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ඊයේ (16) පස්වරුවේ ගින්නක් හටගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධාන ගිනි නිලධාරී අමිල ඉන්දික ඇතුළු නිලධාරීන් ගින්න පාලනය කරමින් සිටින අයුරු දැකගත හැකිවිය.ගින්නෙන් එහි දේපළවලට…

හොරු අල්ලනවා කියන මන්ත්‍රීවරු ඒ ගැන යෝජනාවක්වත් ගෙනත් නෑ-අපි පනත ගැසට් කරලත් අවසන්

හොරා කෑ දේපොළ පවරා ගන්නා බවට කට කියවන කිසිවකු ඊට ඒ වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හෝ ගෙන ඒමට මෙතෙක් කටයුතු කර නැතැයි අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැවසුවේය. අයථා ලෙස උපයාගත් ධනය හා දේපොළ නැවත පවරා ගැනීමට…