Month September 2024

ප්‍රධාන මෙහෙයුමකින් පසු ඊශ්‍රායල හමුදා ජෙනින් නගරයෙන් ඉවත්වෙයි

ඊශ්‍රායල හමුදා දින නවයක ප්‍රධාන මෙහෙයුමකින් පසු බටහිර ඉවුරේ ජෙනින් නගරයෙන් සහ එහි සරණාගත කඳවුරෙන් ඉවත් වී තිබෙනවා. සටන්කාමීන්ගේ බලකොටුවක් සහ 60,000 ක පමණ සිවිල් ජනගහනයක් සහිත මෙම නගරය වසර ගණනාවක් පුරා ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ විශාලතම ක්‍රියාවලියකින් ඉලක්ක වූ බව…

රක්ෂිත වනාන්තරවලට ආදිවාසීන්ට ඇතුළු වෙන්න හැඳුනුම්පතක්

ආදිවාසීන් ජීවත් වෙන රක්ෂිත වනාන්තරවලට ඇතුළු වීම සඳහා ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආදිවාසීන් එදිනෙදා ජීවනෝපාය සරිකර ගැනීම සඳහා නිරන්තරයෙන් වනසංරක්ෂණ සහ වනජීවී රක්ෂිතයන්ට ඇතුළු වන අතර ඖෂධ, මීපැණි, දර එකතු කිරීම ඇතුළු…

මධ්‍ය කඳුකරයේ වැනිලා අස්වැන්නම මිලට ගන්නේ අපි-ගොවි සංගමයේ උපදේශක හිටපු ප්‍රාදේශීය ලේකම් ඒ.බී. මඩුගල්ල

කුළුබඩු ලොවේ රැජන යන විරුදාවලිය ලත් වැනිලා එකතු කර මහනුවර දිස්ත්‍රික්කයේ වැනිලා වගාකරුවන්ගේ සුබසෙත සලසන සමගියෙන් බැඳුණු අපූරු ගොවි සංගමයක් පසුගියදා අපට හමුවිය. ඒ මුළු මධ්‍ය කඳුකරයේම වැනිලා වගා කරන පිරිසගේ අස්වැන්න වැඩි මිලට ලබා ගැනීමට පිහිටු වූ සංගමයකි. මහනුවර…

එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්

රුසියාව එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67 ක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ ඉන් 58 ක් බිම හෙළීමට සමත් වූ බවයි එමෙන්ම, යුක්‍රේන පුරා කලාප 11 ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර…

මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2644 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (06) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 184ක් ලැබුණු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාවෙන් 2571ක් ලැබී…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීමට රජය කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා…

ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ නඩුවෙන් අමෙරිකාවේ ජනපති පුත්‍රයා වරදකරු වෙයි

ඩොලර් මිලියන 1.4ක ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැරීමේ චෝදනාවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයෙන් තීන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2016 සිට 2019 අතර කාලයේදී ඔහු එම බදු…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය හෙට

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස හෙට (08) නම් කර තිබෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා මේ…

නායක පොප්ගෙන් නොදැවුණු ශතකයක්

පිට පිට තෙවැනි වරටත් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුවත් යළිත් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට පිරිනැමීමට ශ්‍රී ලංකා පිල කටයුතු කළේය. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් එංගලන්ත පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය…

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ‘ඒ’ සිව්දින සටන හෙට ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (8) කිම්බර්ලිහිදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම් සිව්දින තරගාවලියකින් හමුවන්නේ වසරකට පසුවය. පසුගිය වසරේ…