Month September 2024

ජනපති අපේක්ෂකයින් සහ නිරීක්ෂකයින් මැතිවරණ කොමිසමට

මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙනවා. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරෙනු ඇති. එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරීක්ෂකයින් සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇල්පිටියේ නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්

ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් පමණ මේ වන විට බෙදා අවසන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. විශේෂ දිනයක් ලෙස සලකා ඊයේ (08) දිනයේ ද නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදු කළ බවයි ඔහු…

ඇමැති අලි සබ්රිගේ මව අභාවප්‍රාප්ත වෙයි

විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ මව වූ ෆාතිමා සරීනා උවයිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය 18/1, සුදර්ශන පාර දෙහිවල නිවෙසේ තැන්පත් කර ඇති අතර භූමදාන කටයුතු දෙහිවල ජුම්මාපස්ජිඩ් පල්ලියේදී අද(09) පස්වරු 7ට සිදු කෙරේ.

ධවල පත්‍රිකාවට එදා ජවිපෙ විරුද්ධ වූ නිසා තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වුණා

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වීම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා…

කැස්බෑවෙන් බස් 25කින් සෙනඟ ගෙනත් ජවිපෙ ගාල්ලේ කැන්වසින් කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සඳහා පිරිස් ගෙන්වා ගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර මහතා පැවැසීය.…

ජනපති දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බව විශ්වාසයි-මාවෙයි සේනාධිරාජා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය. යාපනයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලි…

අපවත් වී වදාළ ගණේගොඩ රතනජෝති නාහිමි ප්‍රදේශයට කළ මෙහෙවර අමරණීයයි-පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. ශාන්ත දසනායක

අපවත්වී වදාළ මහනුවර රාජපූජිත මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපසෝථාගාරයේ උපාධ්‍යාය ධුරන්දර පොල්පිතිගම ඓතිහාසික නාගොල්ල පුරාණ රාජමහා විහාරය, තිහව ගස්සන්දලුපොත පුරාණ විහාරය යන උභය විහාරාධිපති, පොල්පිතිගම ත්‍රෛනිකායික භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන සංඝ නායක, පොල්පිතිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි,…

උසාවි නියෝගයකින් මට හිමි නිවෙස වතු පාලක අධිකාරියට දීම නීත්‍යනුකූල නැහැ-රාජ්‍ය ඇමැති ඒ. අරවින්ද කුමාර්ගෙන් පැමිණිල්ලක්

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවෙස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට දීම නීත්‍යනුකූල නොවන බව පවසමින් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ඒ. අරවින්ද කුමාර් මහතා ලිඳුල පොලිසියට පසුගියදා (06) පැමිණිල්ලක් කර ඇත. 1985 වසරේ…

රනිල්-සජිත්-අනුර විවාදය අද රෑ 10ට

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කාලීන දේශපාලන සංවාදය අද (09) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ කරට කර සංවාද වැඩසටහන ඔස්සේ විකාශය කෙරේ. ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රජයේ කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සමඟි…