Month September 2024

දකුණු පළාතට ගිගුරුම් සහිත වැසි

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

දැඩි ආපදාවන්ගෙන් බැට කන මධ්‍යම යුරෝපය

මධ්‍යම යුරෝපයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටවල් හතරකින් මෙම මරණ වාර්තා වී ඇති අතර දරුණු ගංවතුර තත්ත්වයන් නිසා ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාව යන රටවල දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි…

Nipah වෛරසයෙන් කේරළයේ අයෙක් මරුට

Nipah වෛරසයෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙක් මිය ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ජුලි මාසයෙන් පසු කේරළයේ නිපා රෝගයෙන් සිදුවූ දෙවන මරණය මෙය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Nipah ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ…

පාකිස්තානයේ අස්ථාවරභාවය අමෙරිකාවේ අවධානයට

වර්තමානයේ පාකිස්තානයේ ක්ෂේත්‍ර ගණනාවක උද්ගත වී ඇති අස්ථාවරභාවය පිළිබඳ අමෙරිකාවේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වත්මන් පාකිස්තානයේ අස්ථාවරභාවය වර්ධනය වෙමින් පවතින්නේ දැයි අමෙරිකාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන සල්මේ කලිල්සාඩ් පසුගියදා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රශ්න…

හිඟ වැටුප් ඉල්ලා බංගලි ඇඟලුම් සේවකයෝ අධිවේගී මාර්ගය හරස් කරති

බංග්ලාදේශයේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක සේවක පිරිසක් හිඟ වැටුප් ඉල්ලා එරට ගාසිපූර් නුවර ඩකා – මයිමෙන්සිං අධිවේගී මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. සීසන්ස් ඩ්‍රෙසසස් නමැති එම ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 500කට අධික පිරිසක් අධිවේගී මාර්ගය…

විශ්වවිද්‍යාල දේශපාලනය තහනම් කරන්නැයි ඩකා නුවර සිසුන් විරෝධතාවක

විශ්වවිද්‍යාල තුළ දේශපාලනය තහනම් කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිල් දෙකකට බෙදීමෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද…

ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු නෑ ප්‍රශ්න 37ට සියයෙන් ලකුණු දෙනවා- විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ඔස්සේ සාකච්ඡා කර ඇති බවට වට්ස්ඇප් හා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඇතැම් තොරතුරු මඟින් මහත් ආන්දෝලනයට තුඩුදී ඇති බැවින් එම ප්‍රශ්න, විභාගයට පෙර සැබෑ ලෙසම… අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර…

ලක්ෂ්මන් වසන්තට විරෝධය පා රෝහිණී දඹුල්ලේ සජබ වේදිකාවෙන් බහී

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ පෙරේදා (16) පැවති රැස්වීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සහභාගි වී සිටීම හේතුවෙන් ඔහු වේදිකාවෙන් බැස යනතුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය වේදිකාවට…

ඝාතන දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ ඇති කළ අයට ජනතා වරමකට අයිතියක් නැහැ-වත්සලා ගමගේ රචනා කළ ‘ඇඹිලි – බිලි’ නවකතාව ජනගත කරමින් මාධ්‍යවේදී චන්දන විජේකෝන් කියයි

මාධ්‍යවේදීනි වත්සලා ගමගේ සම්පාදනය කළ ‘ඇඹිලි- බිලි’ නවකතාව දේශපාලන නවකතාවක් ලෙස හඳුනාදිය හැකි අතර, 90 දශකයේ මුල් වසර කිපය තුළ ඇඹිලිපිටිය කේන්ද්‍රකර ගනිමින් සිදු වූ මහා ශිෂ්‍ය ඝාතනය මෙම නවකතාවට වස්තු බීජය සපයා ඇති බවත් අද ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දය…

ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ගේ අම්මලා තාත්තලා විරෝධයක

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීමේ සිද්ධියක් නිසා තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බව පවසමින් මවුපියවරු පිරිසක් ඊයේ (17) සවස පූගොඩ බස් නැවතුම්පොළ අසලදී විරෝධතාවක නිරත වූහ. විරෝධතාවයේ යෙදුණු මවුපියන් ඉල්ලා සිටියේ ප්‍රශ්න කිහිපයක් ඉවත් කිරීමට…